"පාස්පෝට් එක හංගලා මාව උඩ තට්ටුවෙන් පහළට තල්ලු කළා, මාව මරන්න කලින් ලංකාවට ගෙන්න ගන්න.." - රියාද් නගරයේ දහදුක් විඳින සිරියලතා කියන සංවේදී කතාව

By Sewvandhi Dec 23, 2021 03:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 "රියාද් නගරයේ නිවසක් ඇතුලේ හිරකරගෙන සිටින මාව කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න. මේ ගෙදර අය මට ලංකාවට එන්න නොදී දස වැඩ දෙනවා. මම සේවයට ඇවිත් දැන් අවුරුදු 14ක් වෙනවා.

මගේ ළඟ දැන් තියෙන්නේ අවුරුදු 3ක පඩි විතරයි. අනිත් අවුරුදු 11ක මාසේ පඩිය අතට දීලා අත්සන් ගන්නවා විතරයි. දුන්න මුදල් නැවත ඉල්ලගන්නවා. ලංකාවට යද්දී දෙන්නම් කියනවා. මාව මාරලා දන්න කලින් ලංකාවට ගෙන්න ගන්න.

අවුරුදු 14ක කාලයක් සෞදි රියාද් අගනගරයේ ගෘහ සේවයට ගොස් දසවද විඳිමින් සිටින දිඹුලාගල මනම්පිටිය අංක 113 ලිපිනයේ පදිංචිව සිටි 53 හැවිරිදි හය දරු මවක් වන ඊ . ඒ සිරියලතා පවසා සිටිනවා.

තම සැමියා හා දරුවන් සමඟ අඩදඹර වී ටර සේවයට ගිය බවත් මේ වෙද්දී ඇය අසරණවී ඇති බවත් පවසා සිටිනවා. වසර කිහිපයක සිට අදාළ බලධාරීන් දැනුවත් කරත් විසදුමක් නොවුණු බවත් ප්‍රකාශ කර සිටිඅනවා. 

"මම ලියන්න කියවන්න දන්නේ නැහැ, ඉගෙන ගෙන නැහැ. මෙහෙ ඇවිත් මට දසවද දෙනවා. කන්න බොන්න දෙන්නේ නැහැ. මගේ පාස්පෝට් එකත් උදුරාගෙන හංගලා. මාව උද තට්ටුවෙන් තට්ටු කරලා බිම වැටුනා.

මගේ දත් ටිකත් දැන් කැඩිලා. මේ ගෙදර ලොකු මහත්තයා පොලිසියේ ලොක්කෙක්. මගේ මහත්තයා වගේම දරුවෝ මට අවුරුදු 14ක් තිස්සේ කතා කරන්නේ නැහැ. එයාලට මාව එපා කියලා මගේ නංගිට කියලා. මට යන එන මං නැහැ මාව මරන්න කලින් ලංකාවට ගෙන්න ගන්න. ලංකාවට ඇවිත් මම මැරුණත් කමක් නැහැ. ." යනුවෙන් ඇය සඳහන් කර සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now