හදිසියේම ගුවන් යානාවල තහනමක් පනවලා.. මීට පස්සේ මේ දේවල් නෑ..
Accident
Death
Lebanon
Latest Headlines
Decision Making
By krishani
එමිරේට්ස් ගුවන් යානාවල පේජර් සන්නිවේදන උපකරන සහ වෝකිටොකී භාවිතය තහනම් කර තිබෙනවා.
එලෙස තහනම් කිරිමට එම සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
ඒ මැදපෙරදිග මේ වන විට පවතින තත්වය සැලකිල්ලට ගෙන ය.
පසුගිය මාසයේ ලෙබනනය පුරා පේජර් උපකරණ පිපිරීම හේතුවෙන් 37 දෙනෙකු මියගොස් තිබෙනවා.
එමෙන්ම, 3,000කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.
මේ අතර, අද (05) අලුයම ඊශ්‍රායල හමුදා උතුරු ලෙබනනයේ ට්‍රිපෝලි නගරයටත් ප්‍රහාර එල්ල කර තිබෙනවා.