දෙවන එළිසබෙත් මහරැජිණගේ දේහය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ නවතම තත්ත්වය..

By krishani Sep 12, 2022 03:07 AM GMT
krishani

krishani

Report

දෙවන එළිසබෙත් මහරැජිණගේ දේහය රාජකීය නිවස වන හෝලිරූඩ්ස් මාළිගයේ මේ වනවිට (12) තැන්පත් කර ඇත.

ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේ සිට පැය හයක කාලයක් ගෙවා රැගෙන ආ මහ රැජිණගේ දේහයට මග දෙපස රැස්වූ දහස් ගණන් ජනතාව ගෞරව දැක් වූ බවත් පසුව දේහය හෙට (13) එඩින්බරෝ හි ශාන්ත ගයිල්ස් දේවස්ථානයෙහි පැය 24 ක කාලයක් තැන්පත් කෙරෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එහිදී ජනතාවට රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමි වන අතර ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් ගුවන්යානයකින් දේහය ලන්ඩනයේ බකින්හැම් මාළිගය වෙත රැගෙන යාමට නියමිතයි.

ඒ මහරැජිණගේ දියණිය වන ඈන් කුමරියගේ ප්‍රධානත්වයෙන් වන අතර ලබන 19 වනදා ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ හි දී දෙවන එළිසබෙත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join