පුරාවිද්‍යා ගවේෂණයක් අතරතුරදී ඇත් පැටවෙකුට පිහිටවන අපේ හාමුදුරුවරු

By Wasantha Jun 01, 2021 09:53 AM GMT
Wasantha

Wasantha

Report

වව්නියාව පරිපාලන දිස්ත්‍රික්කයේ කනගරායකුලම් පුදුවිලාන්කුලම වෙල්යායේ (ප්‍රදාන මාර්ගයේ සිට 15 km කැලැව ඇතුලේ) අඩි 6 ක පමන ඇත් පැටියෙක් වැටී සිටියදී, එම ආරංචියත් දැනගත් එම ප්‍රදේශයේ පුරා විද්‍යා ගවේෂණයක යෙදීසිටි නව සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය සුදත්ත, ස්වාමින් වහන්සේ, මඩුකන්දේ දළදා රාජමහා විහාරයේ විහාරාධිපති උතුරු පලාතේ අධිකරණ සංඝනායක මුවඇටගම ආනන්ද නායක ස්වාමින්වහන්සේ (මඩුකන්දේ නායක හාමුදුරුවෝ), හල්මිල්ලෑවේ සද්ධාතිස්සස්වාමින්වහන්සේ සහ තවත් පිරිසක් එම ස්ථානයට වැඩම කරන්ඩ යෙදුනා. අනතුරුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ගේ සම්බන්දිකරණය සිදුකල එම පිරිස ප්‍රතිකාර ලබමින් සිටින ඇතා සම්බන්ධව අඛණ්ඩ අවධානයක් යොමුකරමින් ආහාර හා ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු සඳහා ක්‍රියාකරමින් සිටිනවා. මේ සඳහා ACT ලංකා සංවිධානය , පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින්වහන්සේ, Justice For Animals and nature සංවිධානය, හීලෑ අලිඇතුන් සුරැකීමේ සංවිධානය මූලිකවම මැදිහත් වී සිටිනවා.