බලාපොරොත්තු නොවූ ලෙස වන අලින් මියයයි - පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළිවූ සංවේදී කරුණු මෙන්න

gossips gagana sinhala news srilanka news today gossips elephant death srilanka 2021
By Gagana Jan 23, 2022 05:27 PM GMT
Gagana

Gagana

Report

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වන අලින් මන්දපෝෂණ තත්ත්වය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියයන බවට වාර්තා වෙයි.

අප කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ වසර පහක කාලයක් තුළ මෙහි වන අලි 12 දෙනෙකු මියගොස් ඇති බවය.

ඉන් 5 දෙනෙකු මියගොස් ඇත්තේ, මන්දපෝෂණ තත්ත්වයෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. හෙක්ටයාර 997ක විහිදී ඇති හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ආරම්භ වන්නේ, දීර්ඝ කාලයක පටන් මෙරට පවතින අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ අරමුණිනි.

වගාවන්ට සහ මිනිස් ජීවිතවලට හානි පමුණුවමින් ගම්වදින වන අලි මෙහි ගෙනඑන්නේ 2015 වසරේ සිටය. වනජීවි දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව ආරම්භයේදී මේ මධ්‍යස්ථානය තුළ ලියාපදිංචි කෙරුණු වන අලි ගණන 52කි.

නමුත් 2019 ජුනි මසදී ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, අලි 52න් 12දෙනෙකු මියගොස් ඇති බවය. ඉන් අලි 5 දෙනෙකුම මියගොස් ඇත්තේ ප්‍රමාණවත් ආහාර නොමැතිකමින් හා මන්දපෝෂණ තත්ත්වයෙන් බව එම වාර්තාවේ සඳහන් වී තිබේ.

එය තහවුරු වන්නේ, අලි මරණ සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණ වාර්තා මගිනි. කෙසේවෙතත් බලධාරීන් පවසන්නේ, අලි මන්දපෝෂණ තත්ත්වයෙන් මියගොස් නොමැති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now