අලි පැටවෙකු ජීප් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ අවසනාවන්ත සිද්දිය (EXCLUSIVE)
By Sithumi
පාදෙණිය ප්‍රධාන මාර්ගයේ මීගස්වැව හංදිය අසලදි ජීප් රථයක ගැටීමෙන් අලියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රි 8 30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 3 හමාරක පමණ අලි පැටවෙක් බවයි පොලීසිය පැවසුවේ.
ජීප් රථයට හානි සිදුව ඇති බවත් රියදුරු කම්පනයට පත් වීම හේතුවෙන් මේ වන විට ගල්ගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.