විදුලි ගාස්තුවට කුමක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

Report

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබෙනවා.

විදුලි ගාස්තුවට කුමක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.. | Electricity Tariff Revision

එම කොමිසම අදාළ යෝජනාව ඇගයීමෙන් සහ මහජන අදහස් විමසීමෙන් පසු අවසාන තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති.

මේ තුළින් ස්ථාවර ගාස්තුවේ වෙනසක් යෝජනා කර නොමැත.

නමුත්, ඒකක ගාස්තුව පමණක් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව ඒකක 0 ත් 30ත් අතර මාසික ගාස්තුව රුපියල් 8 සිට රුපියල් 6 දක්වා රුපියල් 2කින් අඩු කිරීමට යෝජනා කර ඇත.

වාහනයක් තියෙන ඔයාටයි මේ දැනුම්දීම - එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න..

වාහනයක් තියෙන ඔයාටයි මේ දැනුම්දීම - එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න..


එමෙන්ම ඒකක 31 - 60 දක්වා විදුලිය පරිභෝජනය කරන්නන්ට රුපියල් 20 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 9 දක්වා රුපියල් 11 කින් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.

තව ද, ඒකක 61 - 90 දක්වා ගාස්තුව රුපියල් 18 දක්වා අඩු කිරීමට එමගින් යෝජනා කර ඇත.

කෙසේ වෙතත්, විදුලි බල මණ්ඩලය විසින් ඒකක 91 - 120 දක්වා, රුපියල් 50ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වා රුපියල් 20 කින් අඩු කිරීමට ද යෝජනා කර තිබෙනවා.