හෙට සිට මෙරට ත්‍රීරෝධ රථ අලුත් වෙයි..ගාස්තුවත් පහළ බසී?...

Sri Lanka Electric Vehicle
By Aruna May 10, 2023 07:13 AM GMT
Aruna

Aruna

Report

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම පවසනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හෙට (11) දිනයේ සිට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

එහි පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රිරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රිරෝද රථ ලෙස පරිවර්ථනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩ පිළිවෙල ලංකාව පුරාවට ක්‍රියාත්මක කළ හැකි නම් ඉන්ධන ප්‍රශ්නයට සහ පරසර දූෂණයට ස්ථිරසාර සාර්තක විසඳුමක් වනවා නොවනුමානයි. තවද ත්‍රීරෝධ රථ භාවිතා කරන මගී ජනතාවටද එය විශේෂ සහනයකි.

එයට හේතුව නම් විද්‍යුත් ත්‍රීරෝධ රථයක් සඳහා කිලෝමීටරයක් වෙනුවෙන් යන වියදම ඉන්ධන භාවිතා කරමින් ධාවනය කරන ත්‍රීරෝධ රථයකට වඩා අඩු වීමය.

ඒ අනුව හෙට දිනයේ සිට ක්‍රියාත්මක කරන මෙම නව වැඩපිළිවෙළ සාර්ථක වනු ඇතැයි විශ්වාස කරමි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now