ජංගම දුරකතන ඇතුළු අත්‍යවශ්‍ය නොවන විදුලි උපකරණ මෙරටට ගෙන්වීම තහනම් කරයි ?
By Sithumi
අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ, බලපත්‍ර ලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසි යටතට ගැනෙන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදීය.
2021 සැප්තැම්බර් මස 08 වන දින පැවති රැස්වීමේදී ඒ බව තීරණය කර තිබේ.


