විදුලිය බිඳවැටීම ගැන ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්..

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Dec 10, 2023 02:11 AM GMT
Aruna

Aruna

Report

ඊයේ දිනයේ මුලු දිවයිනටම විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විදුලි බල මණ්ඩලය මගින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි.

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව හෙළි කරමින් ජනක රත්නායකගෙන් විශේෂ ප්‍රකාශයක්..

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව හෙළි කරමින් ජනක රත්නායකගෙන් විශේෂ ප්‍රකාශයක්..

කෙසේවෙතත් දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (09) පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිද වැටීමක් සිදුවුණා.

මෙලෙස ඊයේ විදුලිය බිඳ වැටීම නිසා රට පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත් වු බවයි දිවයින පුරා සිටින අප වාර්තාකරුවන් පැවසුවේ.

ReeCha