විදුලි බිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබෙන දින වකවානු ගැන ඇමතිගෙන් දැනුම්දීමක්..

Report

ජනතා අයිතියට පත් කෙරුණු උමාඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කෙරුණු බැවින් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබා දීමට හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.

අදාළ ව්‍යාපෘතිය 2017 වසරේ දී ජනතා අයිතියට පත් කිරීමට තිබුණත්, එය සිදු කිරීමට නොහැකි වීමෙන් වාර්ෂිකව රුපියල් කෝටි 900ක පාඩුවක් ලංකා විදුලි බල මණ්ඩලයට සහ රටට සිදු වූ බවයි, අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ.

අද පාර්ලිමේන්තුව රටටම වැදගත් පනතක් ගැන තීරණයක් ගන්න යයි..(LIVE)

අද පාර්ලිමේන්තුව රටටම වැදගත් පනතක් ගැන තීරණයක් ගන්න යයි..(LIVE)


කෙසේ නමුත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, උමාඔය ව්‍යාපෘතිය හරහා ජාතික පද්ධතියට අලුතෙන් එකතු වූ විදුලි ඒකක ප්‍රමාණය නිසා, මින් පෙර ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනය සඳහා වූ වියදම සිදු නොවන බැවින් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට දිය හැකි බවයි.

විදුලිය සම්බන්ධයෙන් කරන්න යන විශේෂ දෙයකට කැබිනට් අනුමැතිය හිමිවෙයි...

විදුලිය සම්බන්ධයෙන් කරන්න යන විශේෂ දෙයකට කැබිනට් අනුමැතිය හිමිවෙයි...


ඒ අනුව, එම වාසිය එළඹෙන ජුලි මාසයේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ලබා දීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ ය.