විදුලි බිල විශාල ප්‍රමාණයකින් අඩු කරන්නැයි නිර්දේශයක්..අඩු වන ප්‍රමාණය මෙන්න..
පවතින විදුලි බිල අවම වශයෙන් සියයට 33කින් අඩු කළ යුතු බවට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගීතා කොමිසමට නිර්දේශ කර තිබෙන බව වාර්තා වනවා.
විදුලිබිල ගෙවීමට නොහැකි වීම හමුවේ විසන්ධි කළ විදුලි සබඳතා නැවත ලබා ගැනීමේදී අදාළ හිඟ විදුලි ගාස්තු වාරික පදනමින් ගෙවීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසද එහිදී උපදෙස් දී තිබෙන බවයි පැවසෙන්නේ.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියාදා පාර්ලිමේන්තුවේදී රැස්වුණා.