විදුලි බිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..අඩු කරන ප්‍රමාණය ගැනත් කියයි..

Report

විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ අවසන් වාර්තාව හෙට සිකුරාදා නිකුත් කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

විදුලිය ගාස්තු සංශෝධනයට අදාලව මහජන අදහස් පන්සියයකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඉන්ධන සම්බන්ධව මුළු රටටම සුබ ආරංචියක්..හම්බන්තොට ජනතාවට විශේෂයි.(PHOTOS)

ජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඉන්ධන සම්බන්ධව මුළු රටටම සුබ ආරංචියක්..හම්බන්තොට ජනතාවට විශේෂයි.(PHOTOS)


දේශපාලනඥයන් සිවිල් සංවිධාන නියෝජිතයන් බල ශක්ති විශේෂඥයන් ඇතුළු විවිධ තරා තරම්වල පුද්ගලයෝද මෙහිදී අදහස් ලබාදී තිබේ.

එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ, මින් බහුතරයක් පවසා ඇත්තේ විදුලිබිල සියයට විස්සක් තිහත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බවයි.

රුපියල පහල දමා ඩොලරය යළි ගණන් උස්සයි..අද සටහන් වූ මිල ගණන් මෙන්න.

රුපියල පහල දමා ඩොලරය යළි ගණන් උස්සයි..අද සටහන් වූ මිල ගණන් මෙන්න.


දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි මෙම අදහස් ලබාගැනීම කළ බවයි, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල් චන්ද්‍රලා මහතා පවසන්නේ.

මහජන අදහස් ලබා ගැනීම පසුගිය 10 වැනිදායින් අවසන් වුණා.

You May Like This Video