ජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඉන්ධන සම්බන්ධව මුළු රටටම සුබ ආරංචියක්..හම්බන්තොට ජනතාවට විශේෂයි.(PHOTOS)

By Aruna Jan 16, 2025 06:32 AM GMT
Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදුව තිබෙනවා.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.

මහීෂ් තීක්ෂණ පෙම්වතිය සමඟ උණුසුම් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට මුදාහරී..ලෝකෙන්ම හොඳම 03 අතරටත් එයි.(PHOTOS)

මහීෂ් තීක්ෂණ පෙම්වතිය සමඟ උණුසුම් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට මුදාහරී..ලෝකෙන්ම හොඳම 03 අතරටත් එයි.(PHOTOS)


චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය මාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇත.

එසේම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery