ලාංකාවේ විදුලි බිල ආසියාවම හොල්ලයි..

Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices Kanchana Wijesekera
By Aruna Jun 02, 2023 06:24 AM GMT
Aruna

Aruna

Report

ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රටවල් අතරට ලංකාවත් එක්ව තිබෙනවා.

ඉහළ ගිය විදුලි බිල හමුවේ මෙරට බහුතරයක් ජනතාව දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින අතර එහි වැඩිම බලපෑමක් එක්කර තිබෙන්නේ, මධ්‍යම පංතියේ සහ අඩු ආදායම්ලාභී දුප්පත් ජනතාවටයි.

මෙහිදී, ඇතැම් විදුලි පාරිභෝගිකයින් පවසන්නේ, සිය මාසික විදුලි බිල්පත මේ වන විට දැරිය නොහැකි අයුරින් ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර නව විදුලි ගාස්තු ජුනි මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව නව විදුලි ගාස්තු ලබන ජූලි මස 01 වනදා සිට බලාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නව විදුලි ගාස්තු සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගාස්තු යෝජනා කර තිබුණා.

එම යෝජිත ගාස්තු සංශෝධනය පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතියෝජනාව මහජනතාවගේ දැනගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධ කිරීමට නියමිත බවද වාර්තා වනවා.

ඒ අනුව ලබන ජුනි මස 01 වනදා මණ්ඩලය යෝජිත ගාස්තු සහ කොමිෂන්මේ ප්‍රතියෝජනාව ප්‍රසිද්ධ කරන බව එහි සභාපති ජනක රත්නායක මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now