මෙන්න අලුතින්ම මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක කරන්න යන වැඩපිළිවෙළ..
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවයි.
ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ ඒකකයක් පිහිටුවීමට ද නියමිත බවයි, එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.
ලබන 12 වනදා සිට එම ඒකකයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව ඒ මහතා පවසයි.
ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසුවේ, මැතිවරණයට පෙර දින දෙකක් හා මැතිවරණයට පසු දින දෙකක් වන පරිදි දින 05ක කාලයක් සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලය සමග එක්ව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි