සියලුම අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්..
Election Commission of Sri Lanka
Sri Lanka Politician
Election
Parliament Election 2024
By Aruna
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, එළඹෙන මහමැතිවරණයේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති නීතිරීතිවලට අනුව කටයුතු කරන ලෙසයි.
නීතිරීති උල්ලංඝණය කරන අපේක්ෂකයන්ට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසුවා.
මහමැතිවරණය අවසන් වූ පසු පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්රීවරුන් සම්බන්ධයෙන් සහ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්රීවරුන් සම්බන්ධයෙන්ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා මෙහිදී කරුණු පැහැදිලි කළේ ය.