පාර්ලිමේන්තුවේ නැති පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka
By Sewvandhi Aug 14, 2022 12:57 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තුව නියෝජනය නො කරන දේශපාලන පක්ෂ කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 23 වැනිදා දැනට පාර්ලිමේන්තුව නියොජනය නො කරන දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ට සහ නියෝජිතයින්ට මැතිවරණ කොමිසමට පැමිණෙන ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දී ඇත්තේ.

අදාළ පක්ෂවල මහලේකම්වරුන් සහ නියෝජිතයන් සමග පැවැත් වීමට නියමිත මෙම රැස්වීම තුළ දී, දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ යෝජනා පිළිබඳව දේශපාලන පක්ෂවල අදහස් විමසීම සහ එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ජා කිරීම මැතිවරණ කොමිසම බලාපොරොත්තු වෙනවා.

එම මාතෘකාව පිළිබඳව ම පසුගිය දිනක මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 15 වේ නියෝජිතයින් සමග සාකච්ජාවක් සිදු කළා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now