මැතිවරණය පවත්වනවාද නැද්ද යන තීන්දුව ගැන දැනුම්දීමක්..
Election Commission of Sri Lanka
Sri Lanka
By Aruna
මාස 1 කට පෙර
ඉදිරි දින තුන ඇතුලත ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පළාත් පාලන ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය වන බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.
එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරගෙන යන අතර දැනට ගැටලුවක් මතු වී නොමැති බවයි.
මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සිදුකරන බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් මැතිවරණ අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාට ඉල්ලීම් කළ නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් නැති බවද ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බව ද ඔහු කියා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
