"එල්නීනෝ - ලා නිනා තත්ත්වයෙන් වනජීවීන් සහ ජෛව විවිධත්වයත් අනතුරේ" - විපක්ෂ නායකගෙන් අනතුරු ඇඟවීමක්

Report

එල්නීනෝ - ලා නිනා දේශගුණික තත්ත්වයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි බලපෑම්වලට සාර්ථකව මුහුණ දීම සඳහා සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර ජාතික කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එම කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන්නේ නම් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය වඩාත් කාර්යක්ෂමව සිදු කළ හැකි බවයි.

එල්නීනෝ-ලා නිනා තත්ත්වය වනෝද්‍යාන, ජෛව විවිධත්වය, වනජීවී සංරක්ෂණය, සාගර පරිසර පද්ධතිය සහ වනජීවී සංචාරක කර්මාන්තයට බලපෑම් ඇති කළ හැකි බැවින් ඒ සඳහා පූර්ව සූදානමක් සහ තිරසර සැලසුම් අවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

මුළුතැන්ගෙයි සිට ජේලර් කාර්යාලය දක්වා විනාශයි - මහර තත්වය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කට අරියි

මුළුතැන්ගෙයි සිට ජේලර් කාර්යාලය දක්වා විනාශයි - මහර තත්වය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කට අරියි

වනජීවී දෙපාර්තමේන්තුව මුහුණ දෙන මානව, මූල්‍ය සහ භෞතික සම්පත් හිඟයන් කඩිනමින් විසඳිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, අලි–මිනිස් ගැටුම සහ වන සතුන්ගේ දඩයම් ඉහළ යාමේ අවදානමද මෙම දේශගුණික තත්ත්වය හේතුවෙන් වැඩි විය හැකි බවට අනතුරු ඇඟවීය.

එබැවින් සියලු ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කර විද්‍යාත්මක හා ක්‍රියාකාරී සැලැස්මක් යටතේ මෙම තත්ත්වයට මුහුණ දිය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි

අද මුළු ලංකාවටම බලපවත්නා විශේෂ නිවේදනයක් - මේ පලාත් සහ දිස්ත්‍රික්ක විශේෂයි