සමුපකාර ඉතිහාසයේ ඓතිහාසික පියවරක් - ලංකා සීනි සහ BCC සමාගම් සමඟ විශේෂ ගිවිසුම් දෙකකට අත්සන් තබයි

Report

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කරමින් පාරිභෝගික ජනතාවට ගුණාත්මක අත්‍යවශ්‍ය භාණ්ඩ සහනදායී මිලකට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය (COOPFED) ලංකා සීනි සමාගම සහ BCC ලංකා සමාගම සමඟ විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබා තිබේ.

සමුපකාර ඉතිහාසයේ වැදගත් පියවරක් ලෙස සැලකෙන මෙම වැඩපිළිවෙළ යටතේ පාරිභෝගිකයින්ට දේශීය නිෂ්පාදන සෘජුවම ලබාගැනීමේ අවස්ථාව සැලසෙන බව COOPFED පවසයි.

ඒ අනුව ලංකා සීනි සමාගමෙන් මසකට දුඹුරු සීනි ටොන් 1000ක් සහ BCC ලංකා සමාගමෙන් ඇසුරුම් කළ පොල්තෙල් ලීටර් 20,000ක් ඇතුළු සබන් හා අනෙකුත් නිෂ්පාදන සමුපකාර ජාලය හරහා බෙදාහැරීමට නියමිතය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක් - ගුරුවරුන්ගේ හා දෙමව්පියන්ගේ අවදානයට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක් - ගුරුවරුන්ගේ හා දෙමව්පියන්ගේ අවදානයට

මෙම නිෂ්පාදන පාරිභෝගික සමුපකාර සමිති 75ක නියෝජිත ජාලය හරහා දිවයින පුරා ප්‍රාදේශීය වෙළඳසැල් 3500ක් දක්වා ව්‍යාප්ත වූ බෙදාහැරීමේ ජාලයක් ඔස්සේ ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර තිබේ.

අතරමැදියන්ගේ බලපෑම අවම කරමින් වෙළඳපොළ මිල ස්ථාවර කිරීම සහ “මිල තීරකයකු” ලෙස කටයුතු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බව COOPFED සඳහන් කරයි.

2029 වසර වන විට ප්‍රාදේශීය වෙළඳසැල් සංඛ්‍යාව 3500 සිට 10,000 දක්වා වැඩි කිරීමේ ඉලක්කයක් සමඟ සංගමය කටයුතු කරන අතර, දේශීය නිෂ්පාදනවලට අමතරව ඉන්දියානු සමුපකාර සමිති සමඟ එක්ව ගුණාත්මක නිෂ්පාදන ආනයනය කර බෙදාහැරීමටද සැලසුම් කර ඇත.

රත්තරන් ගන්න අදනම් කියාපු දවසක් - අද ලංකාවේ රත්තරන් මිල මෙන්න - කාටත් කලින් දැන්ම දැනුවත් වෙන්න

රත්තරන් ගන්න අදනම් කියාපු දවසක් - අද ලංකාවේ රත්තරන් මිල මෙන්න - කාටත් කලින් දැන්ම දැනුවත් වෙන්න

මේ අතර, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දියුණු රටවල පවා විශාල ජන කොටසක් පාරිභෝගික සමුපකාර ව්‍යාපාර සමඟ සම්බන්ධ වී සිටින බවත්, නිෂ්පාදකයාගේ සහ පාරිභෝගිකයාගේ කේවල් කිරීමේ හැකියාව ශක්තිමත් කිරීමට සමුපකාර ක්ෂේත්‍රය වැදගත් බවත්ය.

දැනට පවතින සමුපකාර වෙළඳසැල් ජාලය තවදුරටත් පුළුල් කර එය සම්පූර්ණ ආර්ථික පද්ධතියක් ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම මුදල් හා වෙළඳ අමාත්‍යාංශ එක්ව සමුපකාර බැංකු පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින බවත්, එමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තම නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමට වඩා ශක්තිමත් අවස්ථාවක් හිමිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.