රාගම ග්‍රාම සේවා වසම් 03කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය පිළිබඳව නැවතත් විශේෂ දැනුම්දීමක්
By Mithu
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රාගම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය මේ වන විට ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඊයේ (01) හටගත් එම නොසන්සුන්තාවත් සමඟ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඇඳිරිනීතිය පනවන ලදී.
ඒ අනුව 246/කැන්දලියද්ද පාළුව - බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව - උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා මෙම පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.
බන්ධනාගාරයේ සහ ප්‍රදේශයේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බැවින් අදාළ ග්‍රාම සේවා වසම් 03 සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මෙසේ ඉවත් කළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.