බිත්තර මිල සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..නව මිල ගණන් මෙන්න.

Sri Lanka Politician Businessman Egg Political Development
By Aruna Oct 26, 2024 07:03 AM GMT
Aruna

Aruna

Report

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් අද (26) දිනට අදාළ තොග මිල ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව රතු බිත්තර තොග විකුණුම් මිල රුපියල් 36ක් වන අතර සුදු බිත්තර තොග මිල රුපියල් 35ක් වන බවයි සඳහන් කර ඇත්තේ.

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය අවධාරණය කරන්නේ, අදාළ මිල ගණන් සම්බන්ධයෙන් තමන් පූර්ණ නෛතික වගකීමක් දරණ බවටයි.

මේ අතර බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳපොළට නිකුත් කිරීමට එම නිෂ්පාදකයින් එකඟත්වය පල කර තිබෙන බවයි පැවසෙන්නේ.

යළි පෝලිම් යුගයක් එන බවට දැනුම්දීමක්..

යළි පෝලිම් යුගයක් එන බවට දැනුම්දීමක්..


ඒ, බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය.

අදාළ සාකච්ඡාව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මේ වනවිටත් වෙළඳපොළෙහි බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 45ක ආසන්න මුදලකට බවයි වාර්තා වන්නේ.

පාරිභෝගික ජනතාව චෝදනා කළේ, මේ හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවටයි.

ReeCha