තවත් බිත්තර තොගයක් මෙරටට..

Sri Lanka Sri Lanka Food Crisis India
By krishani Apr 05, 2023 05:56 AM GMT
krishani

krishani

Report

ඊයේ (04) රාත්‍රී ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර තොගයක් මෙරටට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.

එම බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

මේවන විට බිත්තර මිලියන 04ක් ආනයනය කර ඇති බවත් බිත්තර මිලියන 2ක ප්‍රමාණයක් පසුගිය 23 වැනි දා පළමු වරට ආනයනය කෙරුණ බවත් දින 4කට පමණ පෙර තවත් බිත්තර මිලියනයක් ආනයනය කෙරෙණු බවත්  ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

එම බිත්තර තොගය මේවනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා මේ වන තෙක් අවසර ලැබී නොමැති බව ආසිරි වලිසුන්දර මහතා සඳහන් කර සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join