මේ විදියට බිත්තර අලෙවි කරනවනම් පරිස්සමෙන්...
By Sithumi
පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ වෙළඳුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය පවසනවා.
එහිඅත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවයි ස්ථාභාර නිලධාරී අමිල රත්නායක පැවසුවේ.
එහිදී ඔවුන් වරදපිළිගත් බැවින් අධිකරණය මගින් සැකකරුවන්ට රුපියල් ලක්ෂය බැගින් වූ දඩ නියම කළ බව ද ඔහු සඳහන් කළ අතර නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථාභාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ
පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බවයි.