බිත්තර ආප්පය ගැන රට පුරා කණගාටුදායක ආරංචියක්..

Sri Lanka Businessman
By Aruna Sep 28, 2022 03:55 AM GMT
Aruna

Aruna

Report

දිවයින පුරා ආප්ප, බිත්තර ආප්ප, නිෂ්පාදනය කිරීම සියයට 50 කින් අඩු වී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ පාරිභෝගිකයන් ආප්ප මිලදී ගැනීම සීමා කිරීම මෙන්ම ආප්ප බාස්ලාට ගෙවන වැටුප වැඩි නොකිරීම හේතුවෙන් ඔවුන් වෙනත් රැකියා සඳහා යොමුවීමට මෙයට හේතු වී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රට පුරා ආප්ප බාස්ලා 5000කට අධික පිරිසක් සේවය කළ බවත්, මේ තත්ත්වය හමුවේ ආප්ප බාස්ලා විශාල පිරිසක් රැකියාව අත්හැර ගොස් ඇති බවත් හෙතෙම පැවසීය.

පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී පරිභෝගිකයන්ට ආප්පයක, බිත්තර ආප්පයක රස බැලීමටවත් නො ලැබෙනු ඇතැයි ද අසේල සම්පත් මහතා වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now