ඇඳිරි නීති කාලය තුළ සිදුවන විශේෂ දෙයක් ගැන, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ගෙන් විශේෂ පණිවුඩයක්..!

Report

මහජන සේවාවන් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඕනෑම මොහොතක ඒ සඳහා මැදිහත්වීමට සිය කාර්යාලය සූදානම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන් සමග මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.

ඒ අනුව පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරීත්වයන් සමග සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ.

ඉන්ධන බෙදාහැරීම සහ නිකුත් කිරීම සම්බන්ධයෙන් ද සිය අවධානය යොමුව ඇතැයි ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now