වන අලි හේතුවෙන් ගලෙන්බිඳුණුවැවදී බිඳුණු ජීවිත
By Sithumi
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයකම ජනතාව වන අලි හේතුවෙන් අපහසුතාවට පත්ව තිබෙනවා.
රිටිගල වනජීවී කලාපයට අයත් අංක186 යකල්ල තුලාන ඇතුළු පුබුදුගම්මානය, ඉලිප්පුකන්නිය, හා ඒ අවට ඇති මානන්කට්ටිය, දුම්බුලුයාය ඇතුළු ගම්මාන රැසකට වන අලි තර්ජනය එල්ලවීම හේතුවෙන් ගොවි ජනතාව දැඩි පිඩාවකට පත්ව තිබෙන බව වාර්ථා වනවා.
ගම් වාසින් මැසිවිලි නගන්නේ වසර කිහිපයක සිට හුරුලුවැව් රක්ෂිතය, හබරණ රක්ෂිතය දෙසින් ගම්වදින වන අලි හේතුවෙන් කිසිදු වගාවක් කර ගත නොහැකි තරමටම ජනතාව දැඩි පිඩාවකට පත්ව ඇති බවටයි.
තම වගාවන් මෙන්ම තම ජිවිත ආරක්ෂා කර ගැනීමට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ගම්වාසින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
