ආගමික ස්ථානවල විදුලි බිලට දුන් සහනයට හේතුව මහජන උපයෝගීතා කොමිසම පැහැදිලි කරයි
By Sithumi
ආගමික ස්ථානවල විදුලිබිල අඩු කිරීමට තීරණය කළේ ආගමික නායකයින් කළ ඉල්ලීම හේතුවෙන් පමණක් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ජනක රත්නායක අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ ආගමික ස්ථාන අදුරේ තැබීමේ විරෝධතාවද විදුලිබිල අඩු කිරීමේ තීරණයට බලපෑ බවයි