පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමති ගෙන් විශේෂ ප්‍රකාශයක්

sri lanka Education Sinhala news school opend
By Sithumi Sep 05, 2021 11:10 AM GMT
Sithumi

Sithumi

Report

පාසල් නැවත ආරම්භයේදී ප්‍රමුඛතාවය දියයුතු ශ්‍රේණි පිළිබඳව මේ වනවිට සැලසුම් සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා පැවසීය.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ඔක්තෝබර් මැද භාගය වනවිට පාසල් නැවත ආරම්භ කිරීමේ සැලැස්මක් ඇති බවය. අද දෙරණ 'BIG FOCUS' වැඩසටහන සමග සම්බන්ධවෙමින් එල්. එම්. ඩී ධර්මසේන මහතා ඒ බව පැවසීය.

"උසස් පෙළ ළමයින්, සාමාන්‍ය පෙළ ළමයින් සහ ශිෂ්‍යත්ව ළමයි ටිකට මුලින්ම පාසල් සූදානම් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. ඔක්තෝබර් මැද වගේ වෙනකොටවත් කියලා අදහස තියෙනවා. ඒ තීරණය හරියටම කියන්න බෑ.

අපිට නියෝග කරලා තියෙන්නේ පාසල් පටන් ගන්න පුළුවන් ළඟම දිනයේදී පටන් ගන්න දැන් සිටම පාසල් සූදානම් කරන්න කියලා. ඒ අනුව ඉදිරි කාලයේදී අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සැලැස්මක් සකස් කරනවා. ඩෙල්ටා එන්න ඉස්සෙල්ලා අපි කොවිඩ් එක්ක පාසල් පැවැත්වුවා. විභාගත් පැවැත්වුවා.

ඒ නිසා ඉදිරි කාලයේදී අපි සැලැස්සමකට වැඩ කරන්න ඕනේ." නැවත පාසල් ආරම්භ කිරීමේ වැඩසටහන අඩු ළමුන් සංඛ්‍යාවක් සිටින පාසල්වලින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් මෙහිදී සඳහන් විය. 

කෙසේවෙතත් නැවත පාසල් ආරම්භ කිරීම රඳා පවතින්නේ කොවිඩ් රෝගය පැතිරයෑම සහ පැතිරයෑමේ සීඝ්‍රතාවය මත බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය කෙරුණි.

ReeCha