උතුර, උතුරුමැද සහ නැගෙනහිරට තද වැසි
අද (02) දිනයේ දහවල් 1.00 පමණ සිට උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75කට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත්, එවැනි තත්ත්වයන් හේතුවෙන් ගංවතුර හෝ ජල ගැලීම්වලට ඉඩ ඇති බවත් දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවී ඇත.
මීට අමතරව, බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එම තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට ජනතාව අවශ්‍ය පූර්ව පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. ඒ අනුව, විශේෂයෙන් එළිමහන් කටයුතුවලදී අකුණු හා තද සුළංවලින් ආරක්ෂා වීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීහු උපදෙස් දෙති.
