අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්...

School Teachers Education ministry Glad pearise
By Aruna Aug 05, 2021 02:57 AM GMT
Aruna

Aruna

Report

පාසැල් පද්ධතියේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගේ අත්සනින් යුතුව මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශ භාර නියෝජ්‍ය හා සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ සියලුම පාසැල්වල විදුහල්පතිවරුන් වෙතයි.

එහි දැක්වෙන්නේ රාජ්‍ය සේවය යථා පරිදි පවත්වාගෙන යාමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේකයේ උපදෙස් පරිදි සියලු පාර්ශව කටයුතු කළ යුතු බවයි.

එහිදී සේවයට වාර්තා කරන අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල නිලධාරීන්ට පැමිණීමේ ලේඛණයේ අත්සන් කිරීමට අවස්ථාව සැලසීමට විදුහල්පතිවරුන් වගබලා ගත යුතු බව අදාළ නිවේදනයේ සඳහන්.

සේවයට වාර්තා නොකරන නිලධාරීන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සාමාන්‍ය නිවාඩු ලබාදීමේ පටිපාටිය අනුගමනය කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ පාර්ශව වෙත දන්වා ඇත්තේ.

ගුරුවරුන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩල පාසැල් වෙත කැඳවීමෙන් පසු සිදුකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද අදාළ උපදෙස් මාලාව මගින් සියලු පාර්ශව දැනුවත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඔන්ලයින් අධ්‍යාපනයට අදාළ උපාංග නොමැති සිසුන්ගේ ඉගැන්වීමේ කටයුතු ආවරණය කිරීම සඳහා ආරම්භ කර ඇති දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානවල ඉගැන්වීමේ කටයුතු සංවිධාන කර පවත්වා ගෙන යා යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් සුවිශේෂී ගැටලු ඇති සිසු සිසුවියන්, මව්පියන්ගේ අනුමැතිය මත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පාසැල් වෙත කැඳවා ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් දන්වා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha