මාර්තු 15 වන විට පාසල් සිසුන්ට සුබ ආරංචියක්.!!
By Aruna
මාර්තු 15 වැනිදා වන විට සිසුන් වෙත පාසල් නිල ඇදුම් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ, ඉදිරි අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ ( 07 වැනිදා ) පැවති කමිටු රැස්වීමක් අමතමිනි.
අවශ්‍ය නිල ඇඳුම්වලින් සියයට හැත්තෑවක් ලබා දීමට එකඟ වී සිටින චීන රජය එහි පළමු තොගය මේ වන විට එවා තිබෙන බවත් දේශීය වශයෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් සපයන ඉතිරි සියයට තිහක ප්‍රමාණය නිම කෙරෙමින් පවතින බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |