2025දී ආර්ථික වර්ධනය මෙන්න

Report

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ සිව්වන කාර්තුව (ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා) සහ සමස්ත වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබේ.

එම වාර්තාවට අනුව, 2015 ස්ථාවර මිල යටතේ 2024 වසරේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 12,508,954ක් ලෙස වාර්තා වූ අතර, 2025 වසරේදී එය රුපියල් මිලියන 13,128,577 දක්වා ඉහළ ගොස් ඇත. මෙය සියයට 5.0ක ධනාත්මක වර්ධනයක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

අවශ්‍යතාව අනුව අද බස් සේවා සීමිතයි

අවශ්‍යතාව අනුව අද බස් සේවා සීමිතයි

ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුන වන කෘෂිකර්මාන්ත, කර්මාන්ත හා සේවා ක්ෂේත්‍ර 2025 වසරේදී පිළිවෙලින් සියයට 1.4, 7.8 සහ 3.3ක වර්ධනයක් පෙන්වා ඇත.

මීට අමතරව, 2025 වසරේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4.8ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. මෙය වසර අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම්වල ස්ථාවර හා ධනාත්මක වර්ධනයක් පවතින බවට සාක්ෂියක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.  

ලග්න පලාපල සියලු විස්තර සහිත සවිස්තරාත්මකව

ලග්න පලාපල සියලු විස්තර සහිත සවිස්තරාත්මකව