මස් අනුභව කරනවා නම්...ඔබට මෙය වැදගත් තොරතුරක්

heart disease red meat beef muton fork
By Sewvandhi Jul 21, 2021 12:24 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රක්ත වර්ණ සහ සකස්කළ මාංශ වර්ග අනුභව කිරීම මගින් හෘද රෝග ඇතිවිය හැකි බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

විශේෂයෙන්ම හරක් මස්, බැටළු මස් සහ ඌරු මස් අනුභව කරන්නේ නම් අවදානම වැඩි බව හෙළිවී ඇත.

පුද්ගලයින් මිලියන 1.4ක ගේ තොරතුරු ආශ්‍රයෙන් එම පර්යේෂණය කර ඇති අතර එම පර්යේෂකයින් වසර 30ක් පුරා පර්යේෂණයට ලක්වූ පිරිස ගැන අවධානයෙන් සිට තිබේ.

එම තත්ත්වය "කිරීටක ධමණි රෝග" ලෙසද හැඳින්වෙන අතර එමගින් ලොව පුර පුද්ගලයින් විශාල ගණනක් මරණයට පත්වීම හෝ විවිධ ආබාධයන්ට ලක්වීම සිදුවේ.

හෘදයට රුධිරය සපයනු ලබන රුධිර නාළිකා අභ්‍යන්තර පෘෂ්ඨ මත කොටෙස්ටරෝල් තැන්පත්වීමෙන් එම රෝගී තත්ත්වය වර්ධනය වෙයි.

අනුභව කෙරෙන මාංශ ප්‍රමාණය වැඩිවන විට එම පුද්ගලයාව හෘද රෝග වලට ලක්වීමේ සම්භාවිතාව තවත් ඉහළ යන බව "Critical Reviews in Food Science and Nutrition" සඟරාවේ පළකර ඇති පර්යේෂණ වාර්තාවේ සඳහන් ය.

You may like this video-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now