තවත් ප්‍රභල භූ කම්පනයක්..!
By Sewvandhi
විදෙස් මාධ්‍යය වාර්තා කළේ, නේපාලයේ තවත් භූ කම්පනයක් හටගෙන තිබේ. අද (05) අලුයම කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 169ක් උතුරින් වූ ප්‍රදේශයක හටගත් එම භූ කම්පනය, රිච්ටර් මාපාංක ඒකක 3.6ක ප්‍රබලත්වයකින් සටහන් ව ඇති බවය.
එමෙන්ම, පසුගිය 03 වැනිදා රාත්‍රියේ බටහිර නේපාලයට බලපෑ ඒකක 6.4ක ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 157ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් විය.
නේපාල බලධාරින් පවසන්නේ, භූ කම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිර වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.