තවත් භූ කම්පන තත්ත්වයක්.

By krishani Apr 28, 2023 05:12 AM GMT
Report

නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් යුතුවයි.

මේ අතර, ඉන් පැය දෙකකට පමණ පසු රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුතුව දෙවන කම්පනය හටගෙන ඇති බව මාධ්‍ය වාර්තා කළේ ය.

භූ කම්පනය නේපාලයේ දිස්ත්‍රික්ක රැසකට දැනී ඇති අතර සුළු පසුකම්පන තත්වයක් ද වාර්තා විය.

කෙසේවෙතත්, ඉන් ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join