සෞඛ්‍ය ඇමතිට ප්‍රබල චෝදනාවක්..හෙදියන් හා සිදු කරන මගඩියක් ගැන හෙළිදරව්වක්..?

GMOA KEHELIYA RABUKWELLA HEALTH MINISTER NAVEEN DE SOISA
By Sewvandhi Nov 26, 2021 04:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි වෘත්තීන් අතර ගැටලු ඇති කිරීම සඳහා වත්මන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කටයුතු කරන බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

වෛද්‍යවරුන්ට සමාන දීමනා හෙදියන්ටද ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු යොදා ඇති බවයි එහි උපලේකම්, වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේ.ඒ කොළඹ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කළ ඉල්ලීමකට අනුව මෙම දීමනා ලබාදීමට එකඟ වී ඇති බවයි වෛද්‍ය නවීන්ද සොයිසා මහතා චෝදනා කළේ.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්…

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGallery