ප්‍රදේශ ගාණකට එකවරම අනතුරු ඇඟවීමක්.. මේ ගැන දැඩි අවදානයෙන් සිටින්න.

Report

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

ප්‍රදේශ ගාණකට එකවරම අනතුරු ඇඟවීමක්.. මේ ගැන දැඩි අවදානයෙන් සිටින්න. | Early Warnings Of Landslides 12Th May 2024

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ය.

ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම  සංවිධානය සඳහන් කළේ ය.

ඉදිරි පැය ගාණ තීරණාත්මකයි?. මේ ගැන දැඩි අවදානයෙන් සිටින්න..(PHOTO)

ඉදිරි පැය ගාණ තීරණාත්මකයි?. මේ ගැන දැඩි අවදානයෙන් සිටින්න..(PHOTO)


මේ අතර, අද (12) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙරවරුවේ සඳහන් කළේ ය.

මෙහෙම වෙයි කියලා හිතුව ද?. එළවළු මිලේ වුණ අසාමාන්‍ය වෙනස..

මෙහෙම වෙයි කියලා හිතුව ද?. එළවළු මිලේ වුණ අසාමාන්‍ය වෙනස..


ඒ අනුව, දිවයිනේ බොහෝ පළාත්වල අද (12) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් විය.

කෙසේ වෙතත්, බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය.