මිලියන 66ක් පැරණි ඩයිනෝසෝර් පොසිල කළලයක් හමුවෙයි...ලොවම මවිත කරයි..

Sri Lanka World Gossips Dinosr posila
By Aruna Dec 23, 2021 08:17 AM GMT
Aruna

Aruna

Report

ඩයිනෝසෝර් සත්ත්වයන් පිළිබඳව අප අසා ඇත්තේ සිනමා සහ පුවත්පත්වලින් පමණයි.

ඔවුන් සැබවින්ම ජීවත් වූ යුගය ගැන කිසිවෙකුට හෝ තවම අදහසක් නැහැ.

නමුත් වසර මිලියන 66ක් පැරණි ජීවය පවතින බවට විශ්වාස කරන ඩයිනෝසෝර් පොසිල කළලයක් සොයා ගැනීමට චීන පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා.

මේ හරහා ඩයිනෝසෝර් සත්ත්වයන් මෙන්ම වර්තමාන පක්ෂීන් අතර පවතින විද්‍යාත්මක සබඳතා සම්බන්ධයෙන් ඉදිරියේදී බොහෝ තොරතුරු අනාවරණය වනු ඇති.

වසර මිලියන 66ක් පමණ පැරණි ජීවය පවතින බවට විශ්වාස කෙරෙන මෙම ඩයිනෝසෝර් පොසිල කළලය දත් නොමැති තෙරපෝඩ් නම් ඩයිනෝසේර් විශේෂයක බිත්තරයක් තුළ තිබී හඳුනා ගැනීමටයි සමත් වී තිබෙන්නේ.

මෙම බිත්තරය මේ වනවිට සංරක්ෂණය කර තිබෙන අතර, ඩයිනෝසේර් කලලය නම් කර ඇත්තේ ‘‘බේබි යින්ග්ලිඈන්ග්“ ලෙසයි.

මෙම ඩයිනෝසේර් බිත්තරය අඟල් 6.7ක දිගකින් යුක්තයි.

සිදුකර ඇති ස්කෑන් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ බිත්තරය තුළ තිබෙන ඩයිනෝසේර් පැටවා අඟල් 10 දශම 6ක් පමණ දිගකින් යුක්ත බවයි.

දකුණු දිග චීනයේ ගැන්සූ ප්‍රදේශයෙන් මෙම බිත්තරය සොයාගෙන තිබුණේ 2010 වසරේ දී වන අතර, එය වසර 10කට ආසන්න කාලයක් සංරක්ෂණය කර ස්කෑන් පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් පසු මෙම නව තොරතුරු අනාවරණ වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now