දුමින්ද දේශපාලන ගමන අරඹන්න සූදානම්! බස්නාහිර මහ ඇමැතිකමටත් එයි

politics Sri lanka western provins Duminda silva
By Sithumi Jun 27, 2021 11:15 AM GMT
Report

ජනාධිපති සමාවක් යටතේ නිදහස් කෙරුණු දුමින්ද සිල්වා මහතා නැවත වතාවක් ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව දුමින්ද සිල්වා මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. දේශපාලක ආරංචි මාර්ග පැවසූවේ එම මැතිවරණයේදී බස්නාහිර පළාත් මහ ඇමැති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට දුමින්ද සිල්වා මහතා තීරණය කොට ඇති බවයි.

මේ අතර ජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබුණා.

එහිදීද ඇය සඳහන් කර තිබුණේ ඉදිරි මැතිවරණයකදී දුමින්ද සිල්වා මහතා මහ ඇමැති අපේක්ෂකයා ලෙස හෝ දේශපාලනයට ගෙන ආවද තමන් පුදුම නොවන බවයි