දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රන් ආලේපිත T56 ගිනි ආයුධය සම්බන්ධයෙන් 2025 ජුනි 19 වන දින දක්වා තවදුරටත් රක්ෂිත ගතිකාරක භාරයේ තබා ඇති බව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.
පසුගිය 29 වැනිදා හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් සිදුකළද එය ප්‍රතික්ෂේප කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා හිටපු අමාත්‍යවරයා අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී හමුවූ රන් පැහැ ගැන් වූ ටී56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණේ.