" අඩු ගානේ ඒ වචන වත් කියන්න එපාලු..ඒක ලොක්කන්ගෙ පොකැට් වලට පාඩුයි.." කපුටු කුණුහරුප ගැන කියමින් දුලීකා මාරපන මුහුණු පොතේ දැමූ සැර සටහන..(PHOTOS)

actress celebrity social media gossip Duleeka Marapana
By Sewvandhi Mar 06, 2022 04:30 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පුංචි තිරයේ අමතක නොවන චරිත මැවූ දුලීකා මාරපන කියන්නෙ තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට උපරිම සාධාරණය ඉටු කරන කෙනෙක්.

රංගන ශිල්පිනියක් විදිහට අභියෝගාත්මක චරිතවලින් නිරන්තර පුංචි තිරය ආක්‍රමණය කරන ඇය මුහුණු පොතෙත් බොහෝම ජනප්‍රියයි.

විශේෂයෙන්ම රටේ වෙන බොහෝ අලකලංචි මුහුණු පොතේ පළ කරන ඇය පසුගිය දවසක තවත් සැර සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන...

කපුටු කුනුහරුප නාට්‍ය වල බැරි වෙලාවත් ලයිට් නෑ , තෙල් නෑ , ගෑස් නෑ , කන්න නෑ , සිමෙන්ති නෑ , පොහොර නෑ කියන්න බෑලු .අඩුගානෙ ඒ වචන වත් කියන්න එපාලු.... කඩල ඇටයක්, හිස් වීදුරුවක් , මේසෙ උඩ තියන්න බෑලු , සින්දුවක් කියල දෙතුන් දෙනෙක් නටන්න බෑලු , මිනිහෙකුට දාඩිය දාල ඇදේට යනව පෙන්නන්නත් බැලු , බීමට අනුබල දීමක් ලු .

නිර්මාණය කට අත්‍යාවශ්‍ය දර්ශනයක්, හෝ බීමේ ආදීනව වත් එහෙම පෙන්නන්න බෑලු . අඩුම තරමින් අරක්කු සිගරට් යන වචනෙ වත් කියන්න බෑලු. දන්නැති නිසා අහන්නෙ .... ඔයිට වඩා හොද නැද්ද රටේ ම ඔක්කොම බාර් වහල මද්‍යසාර රටෙන්ම තුරන් කරානම් ..

මොකද බොන්න එපා කිය කිය නටනවට වඩා ලේසී නාට්‍ය වල පෙන්නන්න එපා කියන වට වඩා ලේසී සම්පූර්ණයෙන් බාර් වහන එක ... එහෙම බෑ ලොක්කො දුන්න බාර් ලයිසන් ටික නෙ ... ඒක ලොක්කන්ගෙ පොකැට් වලට පාඩුයි... දු. මා.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha