පළතුරු කඩවල තිබී හමූවූ භයානක දේ..

By Sithumi Jan 14, 2022 11:32 AM GMT
Sithumi

Sithumi

Report

අද (14) දින කොල්ලුපිටිය නාගරික පොදු වෙළෙඳ සංකීර්ණයේ දී වැටලීමක් සිදුකර තිබුණි. 

නීතිවිරෝධී ලෙස තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ දුම්වැටි 12,000ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු එහිදී පොලිස් විශේෂ කාර්ය බළාකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. වැටලීම සිදුකර තිබුණේ බස්නාහිර පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවය. 

 වැටලීමේදී කොල්ලුපිටිය නාගරික පොදු වෙළෙඳ සංකීර්ණයේ සියලුම වෙළෙඳසැල් පරීක්ෂාවෙන් පසු අංක 05, 16 සහ17 යන පලතුරු කඩ තුළ තිබී එම භාණ්ඩ සොයාගෙන ඇත. 

 පලතුරු වෙළෙදාම් කරමින් ඉතා සූක්ෂම ලෙස දීර්ඝ කාලයක සිට මෙලෙස තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරනලද නීතිවිරෝධී දුම්වැටි වෙළෙඳාම් කර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 

 අත්අඩංගුවට ගත් සැකකරුවන් මාළබේ සහ කඩවත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 57 සහ 54 යන වයස්වල පසුවන්නන්ය. අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධිකය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now