පිටරටින් ආ පාර්සලක් ඇතුලේ ඇස් උඩ යන දෙයක්
ඕමානයේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පාර්සලයක් තුළ මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ. රේගුව පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය අතරට මෙතම්ෆෙටමීන් කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 694ක් සහ කොකේන් ග්‍රෑම් 5ක් අන්තර්ගතව තිබූ බවය. මෙම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය වත්තල පිහිටි ගබඩාවක තිබියදී රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී සිය භාරයට ගෙන තිබේ.
මෙම පාර්සලය ගම්පහ ප්‍රදේශයේ මුදුන්ගොඩ, බැලුම්මහර පදිංචි 66 හැවිරිදි කාන්තාවකගේ නමට පැමිණ ඇත. මෙහිදී එම පාර්සලය නිෂ්කාෂණය කිරීමට බලයලත් නිෂ්කාශන නියෝජිතයෙකු පැමිණ ඇති අතර පසුව රේගු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. රේගුව විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ රේගු භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 68කට ආසන්න වන බවය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකක විසින් සිදුකරන අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය වැඩිදුර නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමට පියවර ගෙන ඇත.
