මත්ද්‍රව්‍ය භාවිතා කරන නිළධාරින් සම්බන්ධයෙන් තීරණයක් ගනී.

Police spokesman Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Drugs
By krishani Jul 17, 2023 01:53 AM GMT
krishani

krishani

Report

පොලිස්පතිවරයාගේ නියමයෙන් අයිස්, හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධරීන් හදුනාගෙන අත්අඩංගුවට ගැනීමට බුද්ධි නිලධාරීන් යොදවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.

පොලිස්පතිවරයා සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇත්තේ පොලිස් ස්ථානවල එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට සැකකරන නිලධාරීන් සම්බන්ධයෙන් අවදානය යොමුකර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණ කරන ලෙසයි.

ඒ අනුව ගංජා පානය කර හසුවන පොලිස් නිලධාරීන්ට මුල් අවස්ථාවේ ස්ථාන මාරුවක් ලබා දීමට කටයුතු  කරනු ලබයි.

හොරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරනය වන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් සේවයෙන් ද ඔවුන් ඉවත් කිරිමට කටයුතු කරනු ලබයි.