කෝටි 05ක වටිනාකමින් යුත් මත්පෙති තොගයක් අල්ලයි.

Sri Lanka Police Sri Lanka Police Investigation Drugs
By krishani Jun 26, 2023 01:57 AM GMT
krishani

krishani

Report

ඊයේ (25) අලුයම නොරොච්චෝල,කරඹ පොලිසිය විසින් රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුතු, මත් පෙති හාරලක්ෂ 23,000 ක් සොයාගෙන තිබෙනවා.

ඒ ප්‍රවාහනය කරමින් තිබූ ඩොල්පින් වර්ගයේ වෑන් රියක් ද සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම මත් පෙති කල්පිටියේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ පෙට්ටි නවයක සූක්ෂම ලෙස අසුරා තිබෙනවා.

සැකකරු කල්පිටියේ පදිංචි 35 වයසැති අයෙක් වන අතර නොරොච්චෝල පොලිස් විශේෂ කාර්‍යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත්තේ.