මත්ද්‍රව්‍ය උවදුර පාලනය කර මුලිනුපුටා දැමීමට රජයෙන් වැඩපිළිවෙළක්..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka
Drugs
By krishani
මත්ද්‍රව්‍ය උවදුර පාලනය කර මුලිනුපුටා දැමීමේ ක්‍රමවේද පිළිබඳව කරුණු සොයාබලා, නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට තීරණය කර ඇත.
එම තීරණය ගෙන ඇත්තේ, පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දි ය.
ඒ අනුව, අදාළ යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, පාර්ලිමේන්තුව ලබන 6 වනදා සිට 09 වනදා දක්වා රැස්වීමට නියමිත ඇති බව වාර්තා වේ.
ඒ අනුව 07 වනදා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්‍ෂේත්‍රය මුහුණ පාන ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |