මාර්ගයක තිබී මත් පෙති තොගයක් හමු වෙයි.
Sri Lanka Army
Sri Lanka
Drugs
By krishani
පේසාලේ මාර්ගයක තිබී මත්පෙති 23000ක් යුධ හමුදා නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
ඒ පේසාලේ හතරවෙනි කොටසේ වෙරළ තීරයට යන මාර්ගය අසළ ය.
එම මත් පෙති, පාර්සල් 23ක බහා තිබූ බව යුද හමුදාව සඳහන් කළේ ය.
මේ අතර, ඊයේ (30) විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් සමඟ සැකකරුවකු ආණමඩුව - කුමාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණින.
ඒ ආණමඩුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 66ක් වන කුමාරගම, ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
සැකකරු අද (31) ආණමඩුව මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |