ගම්පොළ හෝටලයක උඩු මහලේ සිදු කළ ජරමරේ. අටක් පොලිසියට කොටුවෙයි. (PHOTOS)

Sri Lanka Police
By Wayomi Nov 15, 2022 11:08 AM GMT
Wayomi

Wayomi

Report

 ගම්පොළ නගරයේ හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගිය මත්කුඩු පානය කරන්නන්ට පහසුකම් සැපයූ,සියලුම වර්ගයේ ‍මත්දුව්‍ය අලෙවිය, ප්‍රවාහනය, ජාවාරම සිදු කරන ස්ථානයක් වටලා තිබෙනවා.

එහිදී තරුණයන් 8දෙනෙකු සමඟ විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනුණා.

කිසි වෙකුටත් සැක නොසිතන ආකාරයට හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානය පාසල් ළමුන් තරුණයන් ඇතුළු පිරිස් පැමිණ තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් නිරීක්ෂණය කොට ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ ගම්පොල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කරනු ලැබුවා.

අදාළ හෝටලයේ උඩුමහලේ කාමර තුනක මෙම ජාවාරම සිදු කර ඇති අතර නගරයේ අවට නිරීක්ෂණය කිරීම සඳහා රහසිගත කවුළු කීපයක් ද සකසා ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම ස්ථානය තුළ හෙරොයින් .ඈස්(හසිස්) අයිස්, ගංජා, මත් පෙති අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබූ අතර අත්අඩංගුවට ගත් තරුණයන් අටදෙනා ළඟ මෙම මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන තිබෙනවා.

එමෙන්ම මේ සමඟ මත්ද්‍රව්‍ය අලෙවි කර ලබාගත් රුපියල් එක්ලක්ෂ හය දහසක මුදලක් ද පොලිස් භාරයට ගනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


GalleryGallery